Harde Ade Song Lyrics - හර්දෙ ඇඳේ ගීතයේ පද පෙළ

Harde Ade Song Lyrics - හර්දෙ ඇඳේ ගීතයේ පද පෙළ
Song Title : Harde Ade (හර්දෙ ඇඳේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : හර්බට්.එම්. සෙනෙවිරත්න
සංගීතය : පී.එස්. දිවාකර්
1957 දී තිරගත වූ “සුකුමලී” චිත්‍රපටියෙන්.තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.


ලාල ලා.. ලාල ලා.. ලාල ලා.. ලාල ලා..
ලාලාලලා... ලාල ලා.. ලාලාලලා..

හර්දෙ ඇඳේ

හර්දෙ ඇඳේ හර්දෙ ඇඳේ
ඒ රූප ඡායා
සැනසේ මා ඉන් පෙම් ගී ගයාලා //

පිරිසිදු ප්‍රේමේ
රස මතුවෙන්නා
නැතිවේවී හදේ වේදනා //
තනිවී රාසේ මුව මී උරාලා //
නැළවේ මේ රාජා
මේ ලෝකේ සෝබනා

හර්දෙ ඇඳේ හර්දෙ ඇඳේ
ඒ රූප ඡායා
සැනසේ මා ඉන් පෙම් ගී ගයාලා //

ප්‍රීතිය මාගේ
එයි තව මෝරා
ප්‍රේමේ ආලෝකේ නිසා //
තනිවී රාසේ මුව මී උරාලා //
නැළවේ මේ රාජා
මේ ලෝකේ සෝබනා

හර්දෙ ඇඳේ හර්දෙ ඇඳේ
ඒ රූප ඡායා
සැනසේ මා ඉන් පෙම් ගී ගයාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment