Karumeda Mage Song Lyrics - කරුමේද මාගේ ගීතයේ පද පෙළ

Karumeda Mage Song Lyrics - කරුමේද මාගේ ගීතයේ පද පෙළ
Song Title : Karumeda Mage (කරුමේද මාගේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී.ආර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


කරුමේද මාගේ
සාපේ ද කාගේ //
නැගී ඒවි බෝ ලෙසේ
හදේ වේදනා
කරුමේද මාගේ
සාපේ ද කාගේ

මවා සීන ලෝකේ
තැනූ මාලිගේ //
කැඩීලා බිඳී ගියා
අහෝ මේ ලෙසා

කරුමේද මාගේ
සාපේ ද කාගේ
නැගී ඒවි බෝ ලෙසේ
හදේ වේදනා
කරුමේද මාගේ
සාපේ ද කාගේ

දවා සෝක ගින්නේ
දී වේදනා හදේ //
කඳුළේ හොවා මෙසේ
ඔබ කොයි ගියේ අනේ

අමු සොහොන වාගේ
සැම පාළු වී ගියේ //
අනුන්ගේ නවාතැනයි
උරුමේ වුණේ

කරුමේද මාගේ
සාපේ ද කාගේ
නැගී ඒවි බෝ ලෙසේ
හදේ වේදනා

කරුමේද මාගේ
සාපේ ද කාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment