Dedenage Ale Song Lyrics - දෙදෙනගෙ ආලේ ගීතයේ පද පෙළ

Dedenage Ale Song Lyrics - දෙදෙනගෙ ආලේ ගීතයේ පද පෙළ
Song Title : Dedenage Ale (දෙදෙනගෙ ආලේ)
ගායනය : ලතා වල්පොල
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : වී. ක්‍රිෂ්ණමූර්ති
1958 දී තිරගතවූ "සේපාලි" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "House No. 44" චිත්‍රපටියට, හේමන්ත් කුමාර්, ලතා මංගෙස්කාර් සමග ගැයූ, "Peeche Peeche Aakar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. එහෙත් හින්දි ගීය මුළුමනින්ම සිංහල වචන යොදා ගායනා කිරීමක්  නොවේ.
ඔබට මතක ඇති. "දුප්පතාගෙ දුක" චිත්‍රපටියට ලතා වල්පොල, එස්. දක්ෂිණමූර්ති ගේ සහය ද ඇතිව ගැයූ "ඉ‍ඟි බිඟි පාලා" ගීය. අන්න ඒ ගීයනම් මුළුමනින්ම කොපිකිරීමක්.


දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා //

මධුර මධුරතර ආලේ
මිහිර මිහිර බොන තාලේ //
පෙම්වත මාගේ
සම්පත මා වේ
මා ඔබගේ සැමදා
හො සැමදා මා ඔබගේ සැමදා

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා

කුමුදු පුබුදු කළ වාගේ
දිළිඳු හදෙහි අනුරාගේ //
බිහි කළ මාගේ ජීවනයාගේ
පුන් සඳ ඔබ මාගේ
සුපුන් සඳ රන් කඳ ඔබ මාගේ

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා

දුකට සැපට මගෙ ආලේ
ඔබට පවති හැම කාලේ //
මංගල රාවේ
දැන් ළඟ ආවේ
ඔබ මාගේ කියලා
හො කියලා ඔබ මාගේ කියලා

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment