Dan Kale Wage Loke Song Lyrics - දැන් කාලේ වාගේ ලෝකේ ගීතයේ පද පෙළ

Dan Kale Wage Loke Song Lyrics - දැන් කාලේ වාගේ ලෝකේ ගීතයේ පද පෙළ

Dan Kale Wage Loke Song Lyrics - දැන් කාලේ වාගේ ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Dan Kale Wage Loke (දැන් කාලේ වාගේ ලෝකේ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : වී. ක්‍රිෂ්ණමූර්ති
1958 දී තිරගතවූ "සේපාලි" චිත්‍රපටියේ ගීයකි.
ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


දැන් කාලේ වාගේ ලෝකේ (ඔහෝ..)
ඒ කාලේ නෑ ආලෝකේ (ඔහෝ..)
මේ වාගේ කෙල්ලෝ කොල්ලෝ හාද නෑ
මුල්ලෙ රිංගා තරුණියෝ උන්නේ

ඒ කාලේ බැන්දොත් බැන්දා (හො හෝ...)
මේ කාලේ චාරේ හින්දා (හො හෝ...)
බැඳීලා මාසෙන් යයි වෙන්වීලා
කාගෙ කාගේ වරද දෝ මන්දා

සිස්ටාචාරේ දන්නවානම් දික්කසාදේ වෙන්නෙ නෑ
දික්කසාදෙන් ඈත්වීම නවීන සිස්ටාචාරේ නේ
හෝ... මෝඩ දනන්ගේ චාරෙ තමා ඒ //

ඒ පුරාණේ උන්න ගෑණූ මේ නැටුම් නටාල නෑ
කෝපි කාලේ මුල්ලෙ උන්නා උන්ට මේවා දන්නෙ නෑ
හෝ... පොලිසි උසාවී බෝ වේ රටේ දැන් //

දැන් කාලේ වාගේ ලෝකේ (ඔහෝ..)
ඒ කාලේ නෑ ආලෝකේ (ඔහෝ..)
මේ වාගේ කෙල්ලෝ කොල්ලෝ හාද නෑ
මුල්ලෙ රිංගා තරුණියෝ උන්නේ

ඒ කාලේ බැන්දොත් බැන්දා (හො හෝ...)
මේ කාලේ චාරේ හින්දා (හො හෝ...)
බැඳීලා මාසෙන් යයි වෙන්වීලා
කාගෙ කාගේ වරද දෝ මන්දා

ආදරෙන් එක්වූ විවාහේ (හො හෝ...)
ජීවිතේ වෙන්වෙන්න නෑ (හො හෝ...)
කෑදරෙන් වෙන්වී දුවන්නෝ
මාසයක්වත් ඉන්නෙ නෑ

කෝඩුවෙන් මං ආව හින්දා මෝඩ වෙයිද දන්නෙ නෑ
ජෝඩු වෙන්ට ආස හින්දා පාඩුවෙන්ඩ දෙන්නෙ නෑ
හෝ... පොලිසි උසාවී නැතිවෙල යාවී
හෝ... පොලිසි උසාවී නැතිවෙල යාවී

දැන් කාලේ වාගේ ලෝකේ (ඔහෝ..)
ඒ කාලේ නෑ ආලෝකේ (ඔහෝ..)
මේ වාගේ කෙල්ලෝ කොල්ලෝ හාද නෑ
මුල්ලෙ රිංගා තරුණියෝ උන්නේ

ඒ කාලේ බැන්දොත් බැන්දා (හො හෝ...)
මේ කාලේ චාරේ හින්දා (හො හෝ...)
බැඳීලා මාසෙන් යයි වෙන්වීලා
කාගෙ කාගේ වරද දෝ මන්දා

දැන් කාලේ වාගේ ලෝකේ (ඔහෝ..)
ඒ කාලේ නෑ ආලෝකේ (ඔහෝ..)
මේ වාගේ කෙල්ලෝ කොල්ලෝ හාද නෑ
මුල්ලෙ රිංගා තරුණියෝ උන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment