Chandrayan Pidu Song Lyrics - චන්ද්‍රයන් පිදූ ගීතයේ පද පෙළ

Chandrayan Pidu Song Lyrics - චන්ද්‍රයන් පිදූ ගීතයේ පද පෙළ
Song Title : Chandrayan Pidu (චන්ද්‍රයන් පිදූ)
ගායනය : විරේෂ් කුරේ, ඩැඩී
සංගීතය : ඩැඩී
ගී පද : සංඛ බෝපෙආරච්චි


සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා
හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා
නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ

චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ

වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ
කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ
ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී

චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment