Asha Mal Pawan Song Lyrics - ආශා මල් පවන් ගීතයේ පද පෙළ

Asha Mal Pawan Song Lyrics - ආශා මල් පවන් ගීතයේ පද පෙළ

Asha Mal Pawan Song Lyrics - ආශා මල් පවන් ගීතයේ පද පෙළ
Song Title : Asha Mal Pawan (ආශා මල් පවන්)
ගායනය : ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
තනුව හා සංගීතය : සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ "සමන්මලී" සිනමා කෘතියේ ගීයකි.


ආශා මල් පවන් කල් බලා
ආවා මං ළඟින් රොන් සලා
වාසනා දිනේ
අදයි ජීවිතේ
උදාවූවා වසන්තේ

මෝරා ආ සැණින් ආදරේ
සිහිවේ කවුරුදෝ එකවරේ
දැන් යොවුන් සමේ
තනිකමක් නැතේ
උදාවූවා වසන්තේ

ආශා මල් පවන් කල් බලා

රන් වලා
මත් වෙලා
අප දිහා බලනවා

කොවුලනේ
ගී ගයව්
ළා දළු නටනවා

කල්‍යාණ රූපේ
පෙම් මිහිර වෑහේ //
පුංචි රැජිණ දැන් නෙ මා සීදේවී

ආශා මල් පවන් කල් බලා
ආවා මං ළඟින් රොන් සලා
වාසනා දිනේ
අදයි ජීවිතේ
උදාවූවා වසන්තේ

ආශා මල් පවන් කල් බලා

හදවතේ
පෙම් පතේ
ලිව් කතා එළිවුණා

ජීවනේ
දෙව් දුවයි
පෙම්බරෝ මං සදා

දැන් මාගේ ජීවේ
සන්තෝසේ වෑහේ //
පෙම් කැදැල්ල
රන් තොටිල්ල සෑදීලා

ආශා මල් පවන් කල් බලා
ආවා මං ළඟින් රොන් සලා
වාසනා දිනේ
අදයි ජීවිතේ
උදාවූවා වසන්තේ

මෝරා ආ සැණින් ආදරේ
සිහිවේ කවුරුදෝ එකවරේ
දැන් යොවුන් සමේ
තනිකමක් නැතේ
උදාවූවා වසන්තේ

ආශා මල් පවන් කල් බලා
ආවා මං ළඟින් රොන් සලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment