As Yaa Una Song Lyrics - ඇස් යා වුනා ගීතයේ පද පෙළ

As Yaa Una Song Lyrics - ඇස් යා වුනා ගීතයේ පද පෙළ
Song Title : As Yaa Una (ඇස් යා වුනා)
Singing : T Nyn,Nish & Aki Vish
Written by Tilushan Weerasinghe & Nisal Devinda
Music Produced by Taizy & Aki Vish
Mixed & Mastered by Aki Vish


ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
(යේ) මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
(යේ) තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
(යේ) නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා

ඔය බැල්මට Heart Beat Slowly
Night Time හඳ පානේ අපි දෙන්නා Rolling
තුරුල් වෙලා සිප ගන්නට මට ඕනි
කන අස්සෙ කෙඳිරිල්ල හීන පුරවයි ලෝකෙ
හීන අස්සෙ ඔයාවමයි හෙව්වෙ
ආසයි දැවටිලා ඉන්න ඔය කෙහෙරැල්ලෙ
රැඳිල ඉන්නෙ මං ඔය දෙතොල අග්ගිස්සේ
කෙල්ලෙ ඔයා වගෙ තව කෙනෙක් නෑ මේ ලෝකේ මැව්වේ (ඒයි)
කෙල්ල දඟකාරයි හිතුවක්කාරි
අපි දෙන්න යයි රෑ අහසෙ ඈතට පාවි (ආහ්)
තුරුල් වෙලා ඉන්න දෙතොලෙ ගැවි
වශී වෙන්නෙ ඔය නිල් නෙත් දෙකට සරාගී (යෑ)
හිනැහෙන්න මගෙ වෙලාම ලඟින් ඉන්න
දෙනවද ඔයාගෙ ලෝකෙ මට රජ වෙන්න
ආස දේ ඉල්ලලා කොඳුරන්න
හිතට දැනෙන හැමවෙලේ මගෙ ලඟ ඉන්න

ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
(යේ) මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
(යේ) තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
(යේ) නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා

ඇහුන් නැත්නම් නුඹෙ සිනහව ඇවිලෙන්නෙ මගෙ හිත ගින්දරේ (ගින්දරේ)
ජීවත් වෙන්න හුස්ම මදි හෙව්වෙ නැත්නම් නුඹෙ තුරුලෙ මන් ආදරේ (ආදරේ)
හිනා වෙන්නෙ කොහොමද නැත්නම් නුඹෙ රුව පේන මානයේ (මානයේ)
කෙල්ලෙ නුඹයි මගෙ රැජිනි මේ ලෝකේ අවසානෙත් මගෙ ආදරේ (ආදරේ)
එන්න වෙන්න කෙල්ලේ මගෙ මාලිගාවේ රැජිනී
හීන ගොඩක් මැව්වා නුඹෙ උනුසුමෙ දැවටී
ජීවිතේම නුඹෙ ලග ඉන්නයි ඕනේ නැවතී
දැක්කෙ නෑනෙ සුරඟනක් නුඹ තරම් රුවැතී
දැවටෙන්නයි ඕනේ නැලවෙන්නයි ඕනේ
ලගින් ඉන්නයි ඕනේ රෝස තොල් සිපගන්න ඕනේ (යේ)
උනුසුමයි ඕනේ සැනසුමයි ඕනේ
ජීවත් වෙන්න හිනා වෙන්න නුඹේ ආදරේමයි ඕනේ (කෙල්ලේ)

ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
(යේ) මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
(යේ) තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
(යේ) නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා

ඇස් යා උනා
මම හීන අස්සෙ හෙමින් හෙමින් පා උනා
(යේ) මන් මත් උනා
ඇස් එක්ක කොදුරල හිතින් යා උනා
(යේ) තව ලන් උනා
ඔය කෙහෙරැල්ලෙ හෙමින් හෙමින් ගෑ උනා
(යේ) නුඹ මගේ උනා
ඔය සිනහව නැතුවම බැරි උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment