Uda Ahase Tharu Gane Song Lyrics - උඩ අහසේ තරු ගානේ ගීතයේ පද පෙළ

Uda Ahase Tharu Gane Song Lyrics - උඩ අහසේ තරු ගානේ ගීතයේ පද පෙළ
Song Title : Uda Ahase Tharu Gane (උඩ අහසේ තරු ගානේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව : එච්.එම්. ජයවර්ධන


උඩ අහසේ තරු ගාණේ
බිම පොළවේ වැලි ගාණ
මහ මුහුදේ රැලි ගාණ
සෙනේ මගේ ඒ ගාණ
සෙනේ මගේ ඒ ගාණ

ඉරට එක්වෙලා ගිරවිත් යන්නාය
සඳට එක්වෙලා සාවිත් යන්නාය
මලට එක්වෙලා බමරෙක් යන්නාය
නුඹට එක්වෙලා මගෙ සිත යන්නාය

ඉරු දෙවියන් වැඩිය තැනේ
කරුවල නැතිවෙයි එතැනේ
ආදරයක් පිපුණ තැනේ
දහසක් දෙවියෝ එතැනේ
දහසක් දෙවියෝ එතැනේ

ජලේ හොඳයි දියබුං ගා පීනන්න
විලේ හොඳයි නාඹර මල පීදෙන්න
වෙලේ හොඳයි ගැබ්බර වී මෝරන්න
කාලෙ හොඳයි නෑණන්ඩිට බහ දෙන්න
කාලෙ හොඳයි නෑණන්ඩිට බහ දෙන්න
කාලෙ හොඳයි නෑණන්ඩිට බහ දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment