Sitha Hada Watenawa Song Lyrics - සිත හඬා වැටෙනවා ගීතයේ පද පෙළ

Sitha Hada Watenawa Song Lyrics - සිත හඬා වැටෙනවා ගීතයේ පද පෙළ
Song Title : Sitha Hada Watenawa (සිත හඬා වැටෙනවා)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : සුනිලා කටුවාවල
තනුව : මාලිනී බුලත්සිංහල


ආ...... අඅආ....... අආ....

සිත හඬා වැටෙනවා
මටම ආදරය කරනා කෙනෙකුන්
සෙව්මුත් ආත්ම භවේ පුරා
ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා
සිත හඬා වැටෙනවා

නැහැ නැති ඉසුරට නාහෙන් ඇඬුවේ
ඒකද හිමියනි මගෙ හිත කැඩුවේ
සැපත සොයා යන හැම දිගු ගමනක
දුකෙන් නිමාවන කාලය පමණද
මගේ ලොවේ මට ඉතිරිව ඇත්තේ

සිත හඬා වැටෙනවා

සිතාගන්න බැහැ මම කළ පාපය
ජීවිතයම කඳුළක් කර ගන්නට
මහා බඹුණි ඔබ මැවුවේ මෙලෙසද
මගේ නළලත ඔහුගේ පිළිරුව
කෙලෙසද බමරෙකු දෙබරෙකු වූයේ

මටම ආදරය කරනා කෙනෙකුන්
සෙව්මුත් ආත්ම භවේ පුරා
ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා
සිත හඬා වැටෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment