Senehasa Puda Ammawarun Wage Song Lyrics - සෙනෙහස පුදා අම්මාවරුන් වගේ ගීතයේ පද පෙළ

Senehasa Puda Ammawarun Wage Song Lyrics - සෙනෙහස පුදා අම්මාවරුන් වගේ ගීතයේ පද පෙළ
Song Title : Senehasa Puda Ammawarun Wage (සෙනෙහස පුදා අම්මාවරුන් වගේ)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල සහ සන්ධ්‍යා‍ බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : විශාරද මාලිනී බුලත්සිංහල


ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
ඩහදිය හෙලා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනල පැටවු වගේ

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

අක්කණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට //
කළ වරදකටවත් තැලුවේ නැත අපට //
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කඳුළු මුතු කැට වුණි දරු කමට

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මවුවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මවු පිය වරුන් ඉර හඳ ලෙස ළඟ හඳුවා
දරුවන් පාන හසරැලි අප හට නැතුවා

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
ඩහදිය හෙලා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනල පැටවු වගේ

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment