Senehasa Illa Liyathabara Laga Song Lyrics - සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ ගීතයේ පද පෙළ

Senehasa Illa Liyathabara Laga Song Lyrics - සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ ගීතයේ පද පෙළ
Song Title : Senehasa Illa Liyathabara Laga (සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : අශෝක කෝවිලගේ
තනුව : එච්. එම්. ජයවර්ධන


සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක් //

වැහි කළුවර ඇති හැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස් ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම් මල් ඉහිරුණු පාර දිගේ

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කලියුගයේ ඇත පහලවෙලා
අසන්මතේ සිත් වැටහෙණු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment