Poth Mitiya Bara Vadiyi Song Lyrics - පොත් මිටිය බර වැඩියි ගීතයේ පද පෙළ

Poth Mitiya Bara Vadiyi Song Lyrics - පොත් මිටිය බර වැඩියි ගීතයේ පද පෙළ
Song Title : Poth Mitiya Bara Vadiyi (පොත් මිටිය බර වැඩියි)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රීති රන්දෙණිය
තනුව : සමන්ත පෙරේරා


පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

පියා මළ දා නිවුණ
ලිපේ ගිණි ළය දවා
ගලක් වී බරක් වූ වංගියේ
මරණයේ අවි අරන්
නුඹ දැවෙයි දිවා රෑ
අපේ ගිණි නිවේවි ද මල්ලියේ

පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

සතර අත ඇද හැළෙන
මහා වෙඩි වරුසාව
මල් පියලි සේ නුඹට දැනීයන්
නුඹේ තනි නොතනියට
ගී කියන වවුල් කැළ
සුදු පරෙවි රෑන සේ පෙනීයන්

පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment