පොල්කේක් හදමු (Pol Cake Hadamu)

පොල්කේක් හදමු (Pol Cake Hadamu) - Your Choice Way

අද මං ඔයාලට  රසම රස පොල් කේක් එකක් හදා ගන්න විදිය කියලා දෙන්න හිතුවා. මේකට ගොඩාක් දේවල් ඕනත් නැහැ ලේසියෙන් හදා ගන්නත් පුලුවන් , ඒවගේම කන්න කන්න ආස හිතෙන රසක් තියෙනවා 😍. ඔයාලත් හදලා  බලන්නකෝ 😋

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ♨️ ගාගත් පොල් 300g ක්
  • ♨️ පාන්පිටි 150g ක්
  • ♨️ සීනි 250g ක්
  • ♨️ බිත්තර 2 ක්
  • ♨️ බේකින් පවුඩර් තේ හැඳි 1 1/4 ක්
  • ♨️ බේකින් සෝඩා තේ හැඳි 1/2 ක්
  • ♨️ උණු වතුර 180ml 
  • ♨️ කජුමද ටිකක් 
  • ♨️ වැනිලා තේ හැඳි 1 ක් 
  • ♨️ ලුනු කුඩු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ මුලින්ම සීනි මේස හැඳි 3 ක් පමණ භාජනයකට දමා රත් කර කැරමල් කර ගන්න.
  2. ⭕ එයට උණු වතුර සහ ඉතිරි සීනි එකතු කර පැණි පදමට එනතුරු උණුකරන්න.
  3. ⭕ පසුව එයට ගාගත් පොල් සහ ලුනු කුඩු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර පොල් මැලවෙන තුරු පිස ගන්න. ( කැමති නම් කුඩු කරගත් මාදුරු, කරඳමුංගු කුඩු ටිකක් එකතු කර ගන්න.)
  4. ⭕ සාදාගත් පැණිපොල් නිවෙන්න තබන්න.
  5. ⭕ පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා හලා ගන්න.
  6. ⭕ බිත්තර පෙන එනතුරු ගසන්න.
  7. ⭕ ගසා ගත් බිත්තර නිවුනු පැණිපොල් එකට මිශ්‍ර කරන්න.
  8. ⭕ හලාගත් පිටි සහ වැනිලා එකතු කර හැන්දකින් හොඳින් මිශ්‍ර කර ගන්න.
  9. ⭕ අඟල් 8 ක තැටියක බටර් තවරා ගත් බේකින් පේපර් එකක් දමා කේක් මිශ්‍රණය එයට දමා තුනී කර ගන්න.
  10. ⭕ උඩින් කජුමද දමන්න.
  11. ⭕ 160 °C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 25 ක් 30 ක් පමණ බේක් කරන්න.

හෙළයේ රස මිහිර
පොල්කේක් හදමු (Pol Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment