Olida Kale Song Lyrics - ඔළිඳ කැලේ ගීතයේ පද පෙළ

Olida Kale Song Lyrics - ඔළිඳ කැලේ ගීතයේ පද පෙළ
Song Title : Olida Kale (ඔළිඳ කැලේ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : වර්නන් පෙරේරා
තනුව හා සංගීතය : ක්ලෝඩ් ප්‍රනාන්දු


ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා //

සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ
දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුභ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ
හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ

ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා

සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම්
දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම්
රජ මැදුරක නැති සැනසුම පැළ තුළ සළසන්නම්
ඔබ රජෙකුට සමව සිතා පැළ තුළ ළඟ ඉන්නම්

ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment