Nelli Kale Walla Dige Song Lyrics - නෙල්ලි කැලේ වැල්ල දිගේ ගීතයේ පද පෙළ

Nelli Kale Walla Dige Song Lyrics - නෙල්ලි කැලේ වැල්ල දිගේ ගීතයේ පද පෙළ
Song Title : Nelli Kale Walla Dige (නෙල්ලි කැලේ වැල්ල දිගේ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සරත් දසනායක


නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා //

උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ //
සිතූ පැතූ සේ නෑකම් කියා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා

කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ //
මගේ කතාවේ ඒ පෙම්වතා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment