Malliye Methuwak Song Lyrics - මල්ලීයේ මෙතුවක් ගීතයේ පද පෙළ

Malliye Methuwak Song Lyrics - මල්ලීයේ මෙතුවක් ගීතයේ පද පෙළ
Song Title : Malliye Methuwak (මල්ලීයේ මෙතුවක්)
ගායනය : චාමර වීරසිංහ


මල්ලීයේ මෙතුවක් ඔබගෙන්
කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා
ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ
මව්බිම මව්බිම ඒ අපගේ අම්මා

මල්ලීයේ මෙතුවක් ඔබගෙන්
කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා
ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ
මව්බිම මව්බිම ඒ අපගේ අම්මා

රණබිම ගිලිහුණ මගේ අත අවිය දරන්
නුඹ පෙරමුණ ගත යුතු වේ
හෙට දිනයේ සුව වී මා එනතුරු
තබනු එපා පියවර ආපසු
අපි නැගෙමු යළි නැගෙමු
සැඩ සුළඟක් සේ දෙරණේ

මල්ලීයේ මෙතුවක් ඔබගෙන්
කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා
ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ
මව්බිම මව්බිම ඒ අපගේ අම්මා

කිරට හැරුණු මව් ලෙයට නොකර අවමන්
පුතු සෙන් සිඳලිය යුතු වේ
ශ්‍රී දළදා වැඩ වසනා තුරු
තබනු එපා පියවර ආපසු
අපි නැගෙමු යළි නැගෙමු
මහ සයුරක් සේ දෙරණේ

මල්ලීයේ මෙතුවක් ඔබගෙන්
කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා
ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ
මව්බිම මව්බිම ඒ අපගේ අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment