මල් ගෝවා බැදුම (Mal Gowa Baduma)

මල් ගෝවා බැදුම (Mal Gowa Baduma) - Your Choice Way
ඔන්න මං  ඔයාලට හතු බැදුම වගේම ඉතාම රසවත් කෑම වට්ටෝරුවක් තමයි අදත් අරන් ආවෙ. ඔයාලට මේකත් පුළුවන් විශේෂ අවස්තාවකදි හදා ගන්න . ලඟ එන උත්සව කාලෙදි ඔයාලට මේ රසවත් වට්ටෝරුව වැදගත් වේවි කියලා හිතනවා

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 මල්ගෝවා 300g ක් පමණ මලක්
  • 🎈 කෝන්ෆ්ලාර් හෝ පාන්පිටි ටිකක්
  • 🎈 බිත්තර සුදුමද 1 ක්
  • 🎈 කොටු කපාගත් බී ලූනු ගෙඩියක්
  • 🎈 කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
  • 🎈 දිග අතට සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2 ක්
  • 🎈 කරපිංචා ඉත්තක්
  • 🎈 තලාගත් ඉඟුරු සහ සුදුලූනු ටිකක්
  • 🎈 සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 2 ක්
  • 🎈 අබ ඇට තේ හැඳි 1/2 ක් පමණ
  • 🎈 කෑලි මිරිස් තේ හැඳි 2 ක්
  • 🎈 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🎈 කහකුඩු ටිකක්
  • 🎈 සීනි තේ හැඳි 1 ක්
  • 🎈 විනාකිරි මේස හැඳි 1 ක්
  • 🎈 අවශ්‍ය පමණ ලුනු
  • 🎈දෙහි යුශ ටිකක්
  • 🎈 බැදීමට අවශ්‍ය පමණ තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම ගෝවා මලේ කිනිති කපා සෝදා වතුර ඉවත් වෙන්න තබන්න.
  2. ♨️ පසුව ලුනු කුඩු, කහකුඩු සහ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තියන්න.
  3. ♨️ පසුව එයට බිත්තර සුදුමද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. ♨️ දැන් තාච්චියක් හෝ පෑන් එකකට තෙල් දමා රත් කරන්න.
  5. ♨️ බිත්තර සුදුමද තවරා ගත් මල් ගෝවා කැබලි කෝන්ෆ්ලාර් හෝ පාන්පිටි වල දවටා රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  6. ♨️ බැදගත් මල් ගෝවා කැබලි තෙල් ඉවත් වීමට පිරිසිදු කඩදාසියක් මතට දමන්න.
  7. ♨️ දැන් වෙනත් භාජනයක් ගෙන තෙල් මේස හැන්දක් පමණ දමා රත් කරන්න.
  8. ♨️ රත් වූ තෙලට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  9. ♨️ දැන් එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු , කරපිංචා සහ වියලි මිරිස් කරල් එකතු කර තෙම්පරාදු කර ගන්න.
  10. ♨️ පසුව එයට බීලූනු එකතු කරන්න . හොඳින් මිශ්‍ර කර මද ගින්නේ විනාඩි දෙක තුනක් තබා තක්කාලි එකතු කර ගන්න.
  11. ♨ ටික වේලාවකින් කෑලිමිරිස්, කහකුඩු , ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු එකතු කර ගන්න . මිශ්‍ර කරන්න.
  12. ♨️ දැන් සීනි  සහ විනාකිරි එකතු කරන්න.
  13. ♨️ අවසානයට බැදගත් මල් ගෝවා කැබලි සහ දෙහි යුශ ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.
😍 දැන් ඉතිං තියෙන්නේ රස බලන්න තමයි . ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😋 මට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😍😍😍😍😍😍

හෙළයේ රස මිහිර
මල් ගෝවා බැදුම (Mal Gowa Baduma) - Your Choice Way


අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment