Madunagala Ahase Song Lyrics - මඳුනාගල අහසේ ගීතයේ පද පෙළ

Madunagala Ahase Song Lyrics - මඳුනාගල අහසේ ගීතයේ පද පෙළ
Song Title : Madunagala Ahase (මඳුනාගල අහසේ)
ගායනය : චාමර වීරසිංහ


මඳුනාගල අහසේ දඟ කරනා
තරු ගනින්න
උණු දිය පෙකුණ ළඟදි
හැන්දෑවක මුණගැහෙන්න

දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න
දහවල දුහුවිල්ලෙන් රතු උන
දෙනුවන් නිවෙන්න
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න
ආදරයේ සෙනෙහෙ දියෙන්
මැලවුනු හදවත තෙමන්න

කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න
කිරි බැබලෙන හඳ පානේ
මට චුට්ටක් හිනාවෙන්න
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න
නිවාඩුවක් ලැබුන ගමන්
මැණික මගේ ගමට එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment