Kiri Di Diri Di Song Lyrics - කිරි දී දිරි දී ගීතයේ පද පෙළ

Kiri Di Diri Di Song Lyrics - කිරි දී දිරි දී ගීතයේ පද පෙළ
Song Title : Kiri Di Diri Di (කිරි දී දිරි දී)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : මහින්ද දිසානායක
තනුව : ආචාර්ය රෝහණ විරසිංහ


කිරි දී දිරි දී සෙනහස දී
ණය වී ණය දී සුර සැප දී
දරුවන්ගෙන් නුඹ ලැබුවේ මොනවද
සතුට විතරමද අම්මේ
ඒ සතුට නුඹට නිවනට යන තුරා දැනේවී
නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී

හිත දී ළය දී රජකම දී
දුක් වී එක්වී අත් බැඳ දී
දරුවන්ගෙන් නුඹ ලැබුවේ මොනවද
සතුට විතරමද අම්මේ
ඒ සතුට නුඹට නිවනට යන තුරා දැනේවී
නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී

අත දී දිවි දී ගේ දොර දී
දන් දී පින් දී කදමලු දී
රුවන්ගෙන් නුඹ ලැබුවේ මොනවද
සතුට විතරමද අම්මේ
ඒ සතුට නුඹට නිවනට යන තුරා දැනේවී
නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී

නුඹ පිනෙන් පිරී
සංසාරේ
නිවන් දකීවී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment