Kethumathi Raja Dahane Song Lyrics - කේතුමතී රජ දහනේ ගීතයේ පද පෙළ

Kethumathi Raja Dahane Song Lyrics - කේතුමතී රජ දහනේ ගීතයේ පද පෙළ
Song Title : Kethumathi Raja Dahane (කේතුමතී රජ දහනේ)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ප්‍රේමසිරි කේමදාස


කේතුමතී රජ දහනේ
ඉසුරු නැතේ ලංකාවේ
ඉසුරු නැතේ ලංකාවේ //

වැස්සට තෙමෙන පැල්පත් වල සිටින්නේ
කිරට හඬණ දරුවන් නෙත ගැටෙන්නේ
බැරි බර කරට ගත් මිනිසුන් පෙනෙන්නේ
කවදා මුවග හසරැල්ලක් දකින්නේ

කේතුමතී රජ දහනේ
ඉසුරු නැතේ ලංකාවේ
ඉසුරු නැතේ ලංකාවේ

ඉසුරු සොයා මැද පෙරදිග ඇදෙන්නේ
කඳුළු මැදින් යළි සියරට වඩින්නේ
කැදලි බිඳී සිත් විසිරී තැවෙන්නේ
කවදා මුවග හසරැල්ලක් දකින්නේ

කේතුමතී රජ දහනේ
ඉසුරු නැතේ ලංකාවේ
ඉසුරු නැතේ ලංකාවේ

පන්සල් පල්ලි ළඟ යදියන් යදින්නේ
නම් ගම් නොමැති දරුවන් ඉන් යැපෙන්නේ
කම්පා වෙවී උන් හදවත් හඬන්නේ
කවදා මුවග හසරැල්ලක් දකින්නේ

කේතුමතී රජ දහනේ
ඉසුරු නැතේ ලංකාවේ
ඉසුරු නැතේ ලංකාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment