ඉස්සන් බැදුම (Issan Baduma)

ඉස්සන් බැදුම (Issan Baduma) - Your Choice Way

ඔන්න අදත් ඔයාලට විශේෂ රසයකින් යුත් ආහාර වට්ටෝරුවක් අරගෙන ආවා.මේ ඉස්සන් බැදුමත් ඔයාලට විශේෂ අවස්තාවකදි හදා ගන්න පුළුවන් , කහ බතට, දුන්තෙල් බතට හොඳ ගැලපීමක් වේවි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🦐 අමු ඉස්සන් 500g ක් පමණ 
  • 🦐 බී ලූනු ගෙඩි 2 ක්
  • 🦐 අමු මිරිස් කරල් 6 ක්
  • 🦐 මාලු මිරිස් කරල් 2 ක් 
  • 🦐 තලාගත් ඉඟුරු ,සුදුලූනු ටිකක් 
  • 🦐 කරපිංචා ටිකක් 
  • 🦐 සියඹලා ටිකක් 
  • 🦐 කුරුඳු පොතු කැබැල්ලක් 
  • 🦐 සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 2 ක් 
  • 🦐 අබ ඇට තේ හැඳි 1/2 ක්
  • 🦐 මිරිස් කුඩු තේ හැඳි 2 ක් 
  • 🦐 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක් පමණ 
  • 🦐 කහ කුඩු ස්වල්පයක් 
  • 🦐 සීනි තේ හැඳි 2 ක් 
  • 🦐 අවශ්‍ය පමණ ලුනු 
  • 🦐 එලවලු තෙල් හෝ පොල්තෙල් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 ඉස්සන් හොඳින් පිරිසිදු කර ලුනුකුඩු ,කහකුඩු ,මිරිස් කුඩු ටිකක් සහ දෙහි යුශ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර පැය බාගයක් පමණ තබන්න .
  2. 💥 සියඹලා ටිකක් ගෙන උණු වතුර මේස හැඳි 2 ක් එකතු කර දියකර ගන්න .
  3. 💥 බී ලූනු සිහින්ව කොටු හැඩයට කපා ගන්න .
  4. 💥 අමු මිරිස් කරල්  දිග අතට මැදින් කැපුමක් දා ගන්න.
  5. 💥 මාලු මිරිස් කරල් දිග අතට කපා ගන්න .
  6. 💥 දැන් පෑන් එකක් ගෙන තෙල් මේස හැඳි 3 ක්  පමණ දමා රත් කර,  සීසන් කරගත් ඉස්සන් රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා බැද ගෙන පසෙකින් තබන්න .
  7. 💥 පසුව වෙනත් භාජනයක් ගෙන තෙල් මේස හැඳි 2 ක් පමණ දමා රත් වන විට අබඇට දමා පුපුරුවා ගන්න .
  8. 💥 එයටම වියලි මිරිස් සහ කුරුඳු පොතු දමන්න .
  9. 💥 පසුව කොටු කපාගත් බී ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් තෙම්පරාදු කර ගන්න .
  10. 💥 දැන් එයට තලාගත් ඉඟුරු , සුදුලූනු සහ කරපිංචා එකතු කරන්න .
  11. 💥 දැන් මිරිස් කුඩු,කහ  කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර ගින්දර අඩුකර විනාඩි 2 ක් පමණ පිස ගන්න .
  12. 💥 පසුව දියකර ගත් සියඹලා ඉස්ම මේස හැඳි 2 ක් , සීනි සහ අවශ්‍ය පමණ ලුනු එකතු කරන්න .
  13. 💥 මද වේලාවක් පිස ගන්න .
  14. 💥 පසුව බැදගත් ඉස්සන් එකතු කරන්න .
  15. 💥 මාලු මිරිස් සහ අමු මිරිස් ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
  16. 💥 පියන වසා මද ගින්නේ ටික වේලාවක් පිස ගන්න .
  17. 💥 ඔබට සරසා ගැනීමට අවශ්‍ය නම් වියලි මිරිස් කරල් 2,3 ක් සහ කරපිංචා කොල ටිකක් බැද උඩින් එකතු කරන්න .

රවුම් කපාගත් බී ලූනු පෙති සහ දෙහි පෙති පැත්තකින් ෆොටෝ එකේ පෙනෙන විදියට එකතු කර ගන්නත් පුළුවන් 😍 🍁ඔන්න එහෙනම් හදලා බලලා මටත් රස කියන්නකෝ 😍 😍 මටත් 🦐 ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😊

හෙළයේ රස මිහිර
ඉස්සන් බැදුම (Issan Baduma) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment