Hinahennata Epa Song Lyrics - හිනැහෙන්නට එපා ගීතයේ පද පෙළ

Hinahennata Epa Song Lyrics - හිනැහෙන්නට එපා ගීතයේ පද පෙළ
Song Title : Hinahennata Epa (හිනැහෙන්නට එපා)
ගායනය : චාමර වීරසිංහ


හිනැහෙන්නට එපා හොරෙන්
දෙනෝදහක් අතර මැද්දෙ
මට හිතේවි නිල් දෑසට එබී බලන්න
ආදරයෙන් මුළු දවසම බලාන ඉන්න
බලාන ඉන්න

අර දුටුවද දුර ආකාසේ
මගෙ තනියට ඔබ වාගේ
මහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලා
තව ටිකකින් මැකිලා යාවී
මහ වැහි ඇල්ලක් කඩා හැලේවී
දුක හිතුනම අඬලා ඔබ යනවා වාගේ

වැලපෙන්නට එපා දුකින්
කවුරු ඇතත් ඔය ඇස් ලඟ
හිත කියාවි හිතේ දුකින් හඬා වැටෙන්න
ආදරයෙන් රතු දෙකොපුල් පිසලාලන්න
පිසලාලන්න

අර බලන්න අර ආකාසේ පුර සඳවත හිනැහෙනවා
කිරි උතුරා ආදරයෙන් ඔබෙ ආදර මුහුන වගේ
තව මොහොතින් මුදුනට ඒවී
කලු වලාකුලක සැඟවී යාවී
හිත ලඟ හිඳ වැලපී ඔබ යනවා වාගේ
ලැජ්ජ වෙන්න එපා ඉතින් අපි විතරයි කවුරුත් නැහැ
දැන් හිතේවි ආදරයෙන් ඔබ සිප ගන්න
ආදරයෙන් පිරි දෙඅදර උණුසුම දෙන්න
උණුසුම දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment