Heat Song Lyrics - හීට් ගීතයේ පද පෙළ

Heat Song Lyrics - හීට් ගීතයේ පද පෙළ
Song Title : Heat (හීට්)
Performed by  Xayn, Breezy, Sadeshmadethis & Shaniya
Written by  Chamithu Lakdul , Gayan Breezy & Dulan Shanilka
Produced by @SADESHMADETHIS
Mix & Masterd by @CHUBBY BEATS
Directed By @Pasindu FDO
DOP, Editor & Colorist : @Pasindu FDO


කට නලියන්නෙ සදෙශ් අපිට දෙනකොට බීට්
හොයන් පෑනයි කොලෙයි වදන් අපි ගලපන්නෙ නීට්
හෙමින් හෙමින් ආවෙ සෙල්ලමේම Peak වෙන්න
අබාදිත පිරිසට නැගිටලා Sheat දෙන්න

අපි මේකෙ දරුනු වෙපන්
අපෙ නම කිය වේවි මේකෙ මැරුනු විටත් Real
කවුද මේකෙ , කවුද කියවන්නෙ කටින්
මම කියන්නම්ඩො ඩො මුං දැන් මේකෙ හැරෙන විට

අපි හවස් වෙද්දි ඇවිදින්නෙ හද උඩ පයින්
කොල්ලො එන්නෙ මෙහෙ මලක් කරන් ලයින්
මලානික උන හදවත වෙනව දැන් වයින්
මුංගෙ කටින් පිට වෙන්නෙම රයිම්

මුංව පද්දන්නෙ ඇයි , මුං පැද්දෙන්නෙ ඉබේ
අපි රෑප් වලින් දුන්න පේලි ඇදෙන්නෙ හිත
මේකෙ සද්දෙට කොල්ලො දැන් නටන්නෙ ඉබේ
මේ මෙ රැප ඇදයි නම් මං තමයිඩො ලඹේ

අපිටත් ඕනි උබලට ආතල් දෙන්නයි ඒකයි කාපු කටු වින්ද දුක නොකියන්නෙ
අපි ආපු පාරෙ තාර දාලා තිබ්බෙ නෑ හැබැයි ආපු කොල්ලො ටික ආතල් සොමි ගන්නෙ

සට පට වගෙ බැංචො රබාන්
නටපන් මේවා අහන ගමන් හීට් එකේ
නැකිටල දීපන් අත්පොලසාන් (අත්පොලසාන්)
කොල්ලො ස්ටේජ් එකේ රඟනවා පීක් එකේ

අඩුවෙන්නෑ කටේ සද්දෙනම් බාන් (සද්දෙනම් බාන්)
වචනයෙන් පිට කරේ මොළේ පීඩනේ
මදි නොකියන්නෙ රැප් දෙන්නම් මාන්
තුනක් බැහැල බලපන් අඩෝ භීෂණේ

ගලවන දාට කවුරුවත් දෙන්නෙ නෑ බන් හිස
මේ වෑයම රජවෙන්න නෙමේ  පුරෝගන්න කුස
නිදාගෙන දැක්කෙ නෑ මන් නිදිවරන් දැක්කෙ ගොඩක් හීන
ලග්නෙ මීන පරාදයි බන් කරොත් අද වැඩේ හෙට
වේලිලා වැටෙන්නෙ කොළ රඟලා බන් ඇත්තේ
යන්නෙ හීන පස්සෙන් මන් නහින්නෑ සල්ලි මත්තේ
මේ වසන්ගතේ නැති වෙලා එනවා වසන්තේ
මන් පාරක් පාරක් ගානෙ වින්දෙ මලක සුගන්දේ
කතුරක් වගේ මන් දෙන්නෙ චතුර වදන්
නිසන්සලේ ඇවිත් දිය ඇලි වැටෙන්නෙ කඩන්
ලියන්නෙ මේ සමාජෙ වෙන දේවල් උපුටන් බන්
හැරුනට ලේ කිරට සුදු වෙන්නෑ කපුටන්
ලැබුනා ආසන මට දැන් අමතකයි මහන්සි
ලෙඩක් හැදුනොත් රජෙක් උනත් බන් හාන්සි
කෙලවෙන්නයි ආවෙ නිවා ගෙන කාන්සි
සම්බෝලයි බතයි දුන්නත් සතුටුයි ගන්නෑ කේන්ති
සීනි කෑවෙ අන්දරේ දැන් ඒවා බෝතල් පත්තර කඩේ
ඇන්ටි තමා රොයිටරේ වගේලු ගමේ පත්තරේ
විස්තරේ නොදන්න හැත්ත ඇත්ත නැත්ත බන් කරේ
සන්තකේ නැතත් බන් අම්මා දීල කෑවෙ නැති දේ

සට පට වගෙ බැංචො රබාන්
නටපන් මේවා අහන ගමන් හීට් එකේ
නැකිටල දීපන් අත්පොලසාන්
කොල්ලො ස්ටේජ් එකේ රඟනවා පීක් එකේ

අඩු වෙන්නෑ කටේ සද්දෙ නම් බාන්
වචනයෙන් පිට කරේ මොළේ පීඩනේ
මදි නොකියන්නෙ රැප් දෙන්නම් මාන්
තුනක් බැහැල බලපන් අඩෝ භීෂණේ

සට පට වගෙ බැංචො රබාන්
නැකිටල දීපන් අත්පොලසාන්
අඩුවෙන්නෑ කටේ සද්දෙනම් බාන්
මදි නොකියන්නෙ රැප් දෙන්නම් මාන්
තුනක් බැහැල බලපන් අඩෝ භීෂණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment