Gedara Budun Song Lyrics - ගෙදර බුදුන් ගීතයේ පද පෙළ

Song Title : Gedara Budun (ගෙදර බුදුන්)
ගායනය : චාමර වීරසිංහ


ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු
අනාගතය ගැන කියලා දුන් මහා ලකුණු
දොළොස් මහේ පහන වගේ දැල් වී නිවුණු
ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

කවා පොවා හදා වඩා දුක සැප විමසූ
දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදනකුගේ සුවඳේ රැඳුණු
ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment