Bala Hidimi Dura Song Lyrics - බලා හිඳිමි දුර ගීතයේ පද පෙළ

Bala Hidimi Dura Song Lyrics - බලා හිඳිමි දුර ගීතයේ පද පෙළ
Song Title : Bala Hidimi Dura (බලා හිඳිමි දුර)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ඩොනල්ඩ් අයිවන්
තනුව : ස්ටැන්ලි පීරිස්


බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
මා රඳවා පියවර මැන්නේ
වෙලා සුසුම් රැලි දුක සඟවන්නෙමි
මා කතරක තනිවූ වැන්නේ
බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ

වියෝ දුකින් හද ගිණි ඇවිලෙන්නේ
ගෙවූ යුගේ සිහිනයක් වෙලා
කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
මම මෙහි හිඳිමි බලා

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
මා රඳවා පියවර මැන්නේ
බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ

නෙතින් කඳුළු ගංගා උතුරන්නේ
නැත හදවත ගිණි තවම නිවී
ඔබේ සුවඳ යළි මට හිමි වන තුරු
මම මෙහි හිඳිමි බලා

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
මා රඳවා පියවර මැන්නේ
වෙලා සුසුම් රැලි දුක සඟවන්නෙමි
මා කතරක තනිවූ වැන්නේ
බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment