Punchi Putha Mage Song Lyrics - පුංචි පුතා මගෙ ගීතයේ පද පෙළ

Punchi Putha Mage Song Lyrics - පුංචි පුතා මගෙ ගීතයේ පද පෙළ
Song Title : Punchi Putha Mage (පුංචි පුතා මගෙ)
ගායනය : ඇන්ජලින් ගුණතිලක
පද : ධර්මසිරි ගමගේ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : සුපර් ගෝල්ඩන් චයිම්ස්


පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වුණ මොහොතේ
පුංචි ඇස් දෙකේ
කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට
මෙන්න වැටෙන්නට

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ

සෙනෙහස ම හදේ ගිණි ඇවිලෙද්දි
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී
පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි
ලස්සන මුහුණයි

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment