Kumudu Liye Sanda Eliye Song Lyrics - කුමුදු ලියේ සඳ එලියේ ගීතයේ පද පෙළ

Kumudu Liye Sanda Eliye Song Lyrics - කුමුදු ලියේ සඳ එලියේ ගීතයේ පද පෙළ
Song Title : කුමුදු ලියේ සඳ එලියේ (Kumudu Liye Sanda Eliye)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : ආරාධනා ඒකනායක


කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා

මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ

ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟ දෙනවා මඳ පවනේ
කෙහෙරැල්ලක් රඟ දෙනවා මඳ පවනේ

කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා

මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ

අවිහින්සක සිත රැඳුනයි සිනා පොදේ
පාලු අදුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ

කුමුදු ලියේ සද එලියේ නැහැවෙනා

මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සගවනා
ආදරේද ඔබ මාගෙන් සගවනා
ආදරේද ඔබ මාගෙන් සගවනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment