කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu)

කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu) - Your Choice Way

දොදොල් කියද්දිම හිතුවා නේද හදන්න අමාරුයි ,කරදරයි කියලා . දර ලිපේ දුම් කාගෙන හදන්න අමාරුයි තමයි .ඔන්න එහෙම අයට පහසුවෙන් ගෑස් ලිපේම අවුරුද්දට  රසම රස දොදොල් කෑල්ලක් මේ විදියට හදලා රස බලන්න පුළුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල් පිටි 300g ක්
  • මිටිකිරි ලීටර් 2 ක් (හොඳින් පැසුනු පොල් ගෙඩි  4 කින් පමණ  ගන්න.)
  • දුඹුරු සීනි 750g ක්
  • ලුනු ස්වල්පයක්
  • කුඩුකර ගත් කරඳමුංගු කුඩු ටිකක්
  • කජු කැබලි ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ තාච්චියක් ලිප තබා සීනි මේස හැඳි 4 ක් පමණ කැරමල් කර ගන්න.
  2. ♨️ එයට මිටි කිරි ටිකක් සහ ඉතිරි සීනි එකතු කරන්න.
  3. ♨️ හලාගත් පිටි වලට මිටිකිරි ටිකක් එකතු කර කැටි නැති වන තුරු දිය කර ගන්න.
  4. ♨️ දියකර ගත් පිටි සහ ලුනු ස්වල්පයක් ද තාච්චියට දමන්න.
  5. ♨️ දැන් ලිප තබා මද ගින්දරේ නොනවත්වා හැඳි ගාන්න.
  6. ♨️ විනාඩි 20 කින් පමණ යාන්තම් මිශ්‍රණය ඝන වෙන්න පටන් ගන්නවා, අඩිය අල්ලන්න නොදී දිගටම හැඳි ගාන්න.
  7. ♨️ මිශ්‍රණය එක ගුලියකට එනතුරු හැඳි ගාන්න, පැයක් පමණ ගත වෙනවා.
  8. ♨️ හැඳි ගාන අතර තුර දොදොලෙන් තෙල් එන්න පටන් ගන්නවා පරිස්සමට පොඩි හැන්දකින් තෙල් ටික භාජනයකට ඉවත් කර ගන්න.
  9. ♨️ මිශ්‍රණය ඝන වෙමින් පදමට එනවිට කරඳමුංගු කුඩු සහ කපාගත් කජු කැබලි එකතු කර හොඳින් හැඳි ගාන්න.
  10. ♨️ අවසානයේ දී තෙල් තවරාගත් තැටියක දමා  තුනීකර නිවුනු පසු කෑලි කපා ගන්න.

හෙළයේ රස මිහිර
කලු දොදොල් හදමු (Kalu Dodol Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment