Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුළ ගීතයේ පද පෙළ

Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුළ ගීතයේ පද පෙළ

Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුළ ගීතයේ පද පෙළ
Song Title : Gedara Hitiya Rosa Kakula (ගෙදර හිටිය රෝස කැකුළ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද : ධර්මසිරි ගමගේ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1974 දී තිරගත වූ "ළසඳා" චිත්‍රපටියේ ගීයක්.


ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා
කොමළ අඟර දාපු මුකුළු රෝසා රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා //

මල් මීපැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු //
බීලා මොටද රෝසා නැතුව රෝසා

දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු //
පැදල මොටද රෝසා නැතුව රෝසා //

උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
අයි අයියෝ..
රෝසා නැතුව ගේ පාළුයි රෝසා

සුවඳ සබන් ගාපු ගාපු
ගාලා නාලා ආපු ආපු //
පුස්ඹ ගහපු රෝස නෝනා රෝසා

කොණ්ඩෙ කඩන් පීරු පීරු
රැජිණට අපි තේරු තේරු //
රෝස නෝනා කොහිඳ ගියේ රෝසා
අයියෝ..
රෝස නෝනා කොහිඳ ගියේ රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා

මල් මීපැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු //
බීලා මොටද රෝසා නැතුව රෝසා

දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු //
පැදල මොටද රෝසා නැතුව රෝසා //

ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා
කොමළ අඟර දාපු මුකුළු රෝසා රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment