Amawakata Atha Wanana Song Lyrics - අමාවකට අතවනනා ගීතයේ පද පෙළ

Amawakata Atha Wanana Song Lyrics - අමාවකට අතවනනා ගීතයේ පද පෙළ
Song Title : Amawakata Atha Wanana (අමාවකට අතවනනා)
ගායනය : චාමර වීරසිංහ


අමාවකට අතවනනා පිච්චමලී
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ

ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹෙ ලොවට
වරද මගෙන් සඟවාදෙනු ලෝකයට

අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට

අමාවකට අතවනනා පිච්චමලී
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment