Adarayata Kandulu Genath Song Lyrics - ආදරයට කඳුළු ගෙනත් ගීතයේ පද පෙළ

Adarayata Kandulu Genath Song Lyrics - ආදරයට කඳුළු ගෙනත් ගීතයේ පද පෙළ
Song Title : Adarayata Kandulu Genath (ආදරයට කඳුළු ගෙනත්)
ගායනය : චාමර වීරසිංහ


ආදරයට කඳුළු ගෙනත් නුඹ ගියදා දුරස් වෙලා
කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කළා
පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා
හිත හැඬුවා තනි වීලා කුළුඳුල් සෙනෙහෙ සොය‍ා

හීනයක් වගේ තාමත් අපි ළංවුණු ඒ කාලේ
හීන කොයි තරම් තිබුණත් නුඹේ නමට මේ පපුවේ
හීන ලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ
දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙර සේ

මගෙමයි කියා කිවු හැටි මතකයි මට ළං වෙලා
ආදරේ මගෙන් ඉල්ලා පපුවට ඔය මුහුණ තියා
සාගරේ තරම් හඬවා ගියත් සමු අරන් රහසේ
දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙර සේ

ආදරයට කඳුළු ගෙනත් නුඹ ගියදා දුරස් වෙලා
කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කළා
පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා
හිත හැඬුවා තනි වීලා කුළුඳුල් සෙනෙහෙ සොය‍ා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment