අඹ මාළුව හදමු (Aba Maluwa Hadamu)

අඹ මාළුව හදමු (Aba Maluwa Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 පැසුනු අඹ ගෙඩි 3 ක්
  • 🍂 මිටිකිරි කෝප්ප 1 ක්
  • 🍂 ලියාගත් රතුලූනු ටිකක්
  • 🍂 ලියාගත් අමු මිරිස් කරල් 2 ක්
  • 🍂 ලියාගත් රම්පෙ , කරපිංචා ටිකක්
  • 🍂 තලාගත් ඉඟුරු , සුදුළූනු ටිකක්
  • 🍂 කුරුඳු පොතු කැබැල්ලක්
  • 🍂 තලාගත් කරඳමුංගු කරල් 3, කරාබුනැටි 2ක්
  • 🍂 අමු තුනපහ කුඩු තේ හැඳි 2 ක්
  • 🍂 මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  • 🍂 ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • 🍂 කහකුඩු ටිකක්
  • 🍂 උලුහාල් තේ හැඳි 1/4ක්
  • 🍂 රස අනුව සීනි ( සීනි මේස හැඳි 3 ,4 ක් පමණ එකතු කරන්න .අඹවල ඇඹුල් රස අනුව ප්‍රමාණය ඔයාලා තීරණය කරන්න)
  • 🍂 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම අඹ වල පොතු ඉවත් කර තීරු කපා ඇට ඉවත් කර සෝදා ගන්න.
  2. ♨️ දැන් බඳුනක් ලිප තබා තෙල් ටිකක් දමා රත්කර රතුලූනු, කරපිංචා ,රම්පෙ,කුරුඳු පොතු,උලුහාල්  සහ තලාගත් ඉඟුරු සුදුළූනු දමා බැද ගන්න.
  3. ♨️ එයටම ලියාගත් අමු මිරිස් සහ තලාගත් කරඳමුංගු ,කරාබුනැටි එකතු කරන්න.
  4. ♨️ පසුව තුනපහ කුඩු, මිරිස් කුඩු,ගම්මිරිස් කුඩු සහ කහ ටිකක් එකතු කර මිශ්‍ර කරන්න.
  5. ♨️ දැන් එයට තීරු කපාගත් අඹ කැබලි සහ අවශ්‍ය පමණ ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කර ටික වේලාවක් තෙම්පරාදු කරන්න.
  6. ♨️ පසුව එයට පොල්කිරි කෝප්පය සහ අවශ්‍ය පමණ සීනි එකතු කර කිරි සිදෙන තුරු මද ගින්නේ පිස ගන්න. 
පොල් කිරි යොදන්න අකමැති නම් වතුර කෝප්පයක් එකතු කර ගන්න පුළුවන්.😋 මේ අඹ කරි එක දවස් දෙක තුනක් තියා ගන්න පුළුවන් පරණ වෙද්දි තමයි ගොඩාක් රස.😍 ඔන්න එහෙනම් මේ අඹ වාරෙ ඔයාලත් රසම රස අඹ මාළුවක් හදලා රස බලන්නකෝ 😊

හෙළයේ රස මිහිර
අඹ මාළුව හදමු (Aba Maluwa Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment