රාබු අච්චාරු හදමු (Rabu Achcharu)

රාබු අච්චාරු හදමු (Rabu Achcharu) - Your Choice Way

හැමදේම මිල අධික මේ කාලෙ කටට රසට ආහාර වේලක් සකස් කර ගන්න එක කාටත් මේ දවස්වල ලොකු ප්‍රශ්ණයක් නේද . ඉතිං මං හිතුවා ගෙදර තියන පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරගෙන මේ වගෙ අච්චාරුවක් සකස් කර ගත්තොත් ආහාර වේල රසවත් කර ගන්න ලොකු පහසුවක් වෙයි කියලා 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌶️ තරමක රාබු අලයක්
  • 🌶️ කැරට් අලයක්
  • 🌶️ අමු මිරිස් ටිකක් 
  • 🌶️ ලොකු බී ලූණු ගෙඩියක්
  • 🌶️ තලාගත් අමු ඉඟුරු සහ සුදුළූනු ටිකක් 
  • 🌶️ විනාකිරි කෝප්ප 1/2 ක් පමණ 
  • 🌶️ අබ කුඩු තේ හැඳි 1 ක්
  • 🌶️ ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
  • 🌶️ මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  • 🌶️ කහකුඩු තේ හැඳි 1/4 ක් පමණ 
  • 🌶️ සීනි තේ හැඳි 1ක්
  • 🌶️ රස අනුව ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම රාබු සහ කැරට් පොතුහැර සෝදා අඟලක පමණ දිග තීරු කපා ගන්න .
  2. ♨️ අමු මිරිස් සෝදා දෙකට පලා ගන්න.
  3. ♨️ ළූනු කොටු හෝ තීරු කපා ගන්න.
  4. ♨️ දැන් භාජනයක් ලිප තබා එයට විනාකිරි සහ අනෙකුත් කලමණා  දමා රත් කරන්න .
  5. ♨️ රත් වූ පසු තීරු කපාගත් කැරට්,රාබු, අමු මිරිස් සහ ලූනු එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගෙන වසා තබන්න .
  6. ♨️ පසුව ජීවානුහරණය කල වීදුරු බෝතල් වල අසුරා තබා ගන්න . දිනකට පසු කෑමට ගන්න පුළුවන් .

හෙළයේ රස මිහිර
රාබු අච්චාරු හදමු (Rabu Achcharu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment