Nan Suran Song Lyrics - නන් සුරන් ගීතයේ පද පෙළ

Nan Suran Song Lyrics - නන් සුරන් ගීතයේ පද පෙළ
Song Title : Nan Suran (නන් සුරන්)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

දෙස් විදෙස් පතලාවු කිත් යසසින් මෙවන් පසුබා සැදී (පසුබා සැදී)
මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී (නාමෙන් බැඳී)

සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී (පිබිදී නැගී)
උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා හිඳී (නොනිඳා හිඳී)

නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ (සදනා යුගේ)
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ (හදවත් අපේ)

මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ (දරුවන් ලෙසේ)
පින් පුරව් සිහළුනි ඉපදී මියෙන්නට සිංහලේ (සිංහලේ)

නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment