Mage Podi Duwa Song Lyrics - මගෙ පොඩි දුව ගීතයේ පද පෙළ

Mage Podi Duwa Song Lyrics - මගෙ පොඩි දුව ගීතයේ පද පෙළ

Mage Podi Duwa Song Lyrics - මගෙ පොඩි දුව ගීතයේ පද පෙළ
Song Title : Mage Podi Duwa (මගෙ පොඩි දුව)
ගායනය : බණ්ඩාර අතාවුද සහ මාලිනී බුලත්සිංහල
පද : කුසුම් පීරිස්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ම් ම්ම් ම්ම්ම්
ම් ම් ම්ම් ම්ම්ම්
ම් //
මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්

දිවයන කාලය ගෙන ආ වෙනසින්
එකටෙක කීවේ ඇයි රිදවා සිත්
කීව කතා බස් මතකයි තවමත්
අප සිත් සනහා කිරි හුරතලයෙන්

මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්

ම් ම්ම් ම්ම්ම්
ම් ම් ම්ම් ම්ම්ම්
ම් //

ගෙවා දමන්නට ඇත දිගු ගමනක්
ජයගනු බෑ එය හිතුවක්කාරෙන්
පිවිතුරු හැඟුමින් යහ ගුණ දහමින්
පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්

මගෙ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගෙ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්

ම් ම්ම් ම්ම්ම්
ම් ම් ම්ම් ම්ම්ම්
ම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment