Me Ganga Galanne Song Lyrics - මේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළ

Me Ganga Galanne Song Lyrics - මේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළ
Song Title : Me Ganga Galanne (මේ ගඟ ගලන්නේ)
ගායනය : ප්‍රියංකා ගමගේ
පද රචනය : ප්‍රියංකා ගමගේ
සංගීතය : රංජිත් ඩයස්


මේ ගඟ ගලන්නේ
අඳුරු තුරු ගොමු අතරින්
නේක රිදවුම් ඉවුරු බිඳිමින්
දැනෙන මොහොතෙත් හැඩවෙමින්
මේ ගඟ ගලන්නේ
නේක අවමන් විදිමින්

ලෝකයෙන් ලද සරදම්
නිහඬ ලය යට සඟවන්
සසල සැඩ රළ නිසල කර කර
ගඟ ගලයි සංවේගෙන් //

මේ ගඟ ගලන්නේ...

ඔබට දුන් මේ සිහිලැල්
නැවත ලැබුවේ ගිනිදැල්
ඔබගේ නෙතු අග කඳුළු දුටුවම
ගඟ ගලයි සංවේගෙන් //

මේ ගඟ ගලන්නේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment