Kawuda Oba Kawurundo Song Lyrics - කවුද ඔබ කවුරුන්දෝ ගීතයේ පද පෙළ

Kawuda Oba Kawurundo Song Lyrics - කවුද ඔබ කවුරුන්දෝ ගීතයේ පද පෙළ
Song Title : Kawuda Oba Kawurundo (කවුද ඔබ කවුරුන්දෝ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත අධ්‍යක්‍ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1974 දී තිර/ත වූ "ශාන්ති" චිත්‍රපටියේ ගීයකි.1966 දී තිරගත වූ "අයිනා" (Aina) චිත්‍රපටියට මසූඩ් රනා ගැයූ "තුම්හි හෝ මෙහෙබූබ් මෙරේ" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ

මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන් නැත්ද නෙත් සලන්නේ

සඳ පායලා ආ ඒ ඔබදෝ වසන්තේ
සැළලිහිණි ගී පිළිරැව් හඬදෝ දසන්තේ
එදා සීගිරියෙහි ඇඳුණූ රුවක්දෝ
රුවක්දෝ
රුවක්දෝ

කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ

වලාකුළ වගේ පීරූ හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල් ගෙල පළඳවන්නම්

මගෙ ආදරේ සතුටින් පිලිගන්නවානම්
ඔබේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත් ඔබ කාගේ කවුදෝ
කවුදෝ
කවුදෝ

කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
කවුද ඔබ කවුරුන්දෝ
මලක පිනි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment