Aley Mihira Penna Song Lyrics - ආලේ මිහිර පෙන්නා ගීතයේ පද පෙළ

Aley Mihira Penna Song Lyrics - ආලේ මිහිර පෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Aley Mihira Penna (ආලේ මිහිර පෙන්නා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : සිසිරකුමාර මානික්කාරච්චි
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න
1959 දී තිරගතවූ "ගැහැණු ගැට" චිත්‍රපටියේ ගීයකි.


ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා

මුවපැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
ඒ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
මිහිරි ජීවිතේ ඒ අමා සුවේ

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment