Alhene Pal Rakiddi Song Lyrics - ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළ

Alhene Pal Rakiddi Song Lyrics - ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළ
Song Title : Alhene Pal Rakiddi (ඇල්හේනෙ පැල් රකිද්දී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ඇල්හේනෙ පැල් රකිද්දී
කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ
මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

මල් රේණු රේණු උරලා
පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා
ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා

වන මල් නෙලා ගෙනල්ලා
ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ
ඔබ නෑ දයාවි දන්නේ

පොඩි පරවියෙක් ඇවිල්ලා
මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා
උන් එව්වේ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා
හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

ඔබ තනිව උන්න යාමේ
ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි
දැන් නම් අනේ ප්‍රමාදයි

හිත මාගෙ දෙන්න කියලා
මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී 
දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා
එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා
ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ
මතුදාත් ඔබ ලැබේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment