Warahali Handa Song Lyrics - වැරහැලි හැඳ ගීතයේ පද පෙළ

Warahali Handa Song Lyrics - වැරහැලි හැඳ ගීතයේ පද පෙළ
Song Title : Warahali Handa (වැරහැලි හැඳ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරී
වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී

තණ පලසේ බිම හොවින දිගාවි
ළැම කිණිසි තුඩක් ඇණුන කුමාරි
කණකර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ ඇයිද කුමාරී

වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරී
වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී

නුඹ යකඩ කඳන් වලට මුවාවී
සුදු මිනී මලක් න‍ටුව තියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරා ගත් සළඹ ගෙනේවී

වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරී
වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment