Kukulapola Kiri Ammiye Song Lyrics - කුකුළාපොළ කිරි අම්මියෙ ගීතයේ පද පෙළ

Kukulapola Kiri Ammiye Song Lyrics - කුකුළාපොළ කිරි අම්මියෙ ගීතයේ පද පෙළ
Song Title : Kukulapola Kiri Ammiye (කුකුළාපොළ කිරි අම්මියෙ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ
ජනාගමයේ පිදුම් ලබන කිරි අම්මාවරු සත්දෙනා
පත්තිනි දේවිය හා බැඳි කිරි අම්මා දානය


කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි
නිවරැද්දේ අපට මෙහෙම පිටුපෑවේ ඇයි
කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි

සංහිඳ හෙවණේ වෑතර බෝරුක මුදුනේ
ගල් වැව් මණ්ඩියේ නිතර නුඹ වැඩ උන්නේ
කොයි සිට බැලුවත් අම්මේ දුරට පෙනෙන්නේ
රන් කොත වැන්නේ නුඹෙ ගණ රන් කොත වැන්නේ

යකඩ ඇතුන්ගේ බිරුසන් හඬ ගුගුරන්නේ
රුක් දෙවියන්ගේ මුල් සිඳිලා වැතිරෙන්නේ
ඉදිකඩ අයිනේ සෙයිලම ළඟ ළඟ එන්නේ
තුන්යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ
තුන්යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ

කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි
නිවරැද්දේ අපට මෙහෙම පිටුපෑවේ ඇයි
කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment