Wahi Pabalu Sali Song Lyrics - වැහි පබළු සැලී ගීතයේ පද පෙළ

Wahi Pabalu Sali Song Lyrics - වැහි පබළු සැලී ගීතයේ පද පෙළ
Song Title : Wahi Pabalu Sali (වැහි පබළු සැලී)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල


වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
සිහිනෙන් දකිමී... සිහිනෙන් දකිමී...
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී... මම පෙම් බඳිමී...
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment