Siri Poda Wassa Wahi Song Lyrics - සිරි පොද වැස්ස වහී ගීතයේ පද පෙළ

Siri Poda Wassa Wahi Song Lyrics - සිරි පොද වැස්ස වහී ගීතයේ පද පෙළ

Siri Poda Wassa Wahi Song Lyrics - සිරි පොද වැස්ස වහී ගීතයේ පද පෙළ
Song Title : Siri Poda Wassa Wahi (සිරි පොද වැස්ස වහී)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : එච්.එම්. ජයවර්ධන


සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී

හිමිදිරි හඳපානේ
නැළවෙන ගොයම වගේ
මගෙ සිත නැමේ නැමේ
ඔබ සිත වෙතට නැමේ

පෙම් මල් පිපුණු හිතේ
පුසුඹට නොවෙද නඟෝ
මගෙ සිත නැමේ නැමේ
ඔබ සිත වෙතට නැමේ

සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී

ලස්සණ වැව් ඉවුරේ
නිල් දිය සරැළි බිඳේ
සිරි පොද වැටෙයි හිතේ
වෙන්වී යමුද කොහේ

පෙම් මල් පිපුණු හිතේ
මල් පෙති කැඩෙයි අහෝ
වෙන්වී යන්ට නොවේ
ළංවී ඉඳිමු මෙහේ

සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
 
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment