සොසේජස් බන් හදමු (Sausage Bun)

සොසේජස් බන් හදමු (Sausage Bun) - Your Choice Way

අද මං ඔයාලට ගෙනාවෙ සුපර් සොෆ්ට් වගේම ගොඩාක් රස සොසේජස් බන් රෙසිපි එකක්. හදලා බලමු නේද 😍 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

බනිස් 8 ක් සඳහා
  • 🌸 පාන්පිටි 300g ක්
  • 🌼 කිරිපිටි මේස හැඳි 2 ක්
  • 🌸 සීනි මේස හැඳි 1 ක් 
  • 🌼 යීස්ට් තේ හැඳි 2 ක් 
  • 🌸 ලුණු තේ හැඳි 1 ක් 
  • 🌼 තෙල් මේස හැඳි 2 ක් 
  • 🌸 බිත්තර 1 ක්
  • 🌼 මද උණුසුම් වතුර කෝප්ප 1/2 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම පොඩි භාජනයක් ගෙන සීනි ,යීස්ට් සහ මද උණුසුම් වතුර එකතු කර මිශ්‍ර කර විනාඩි 10 ක් වසා තබන්න .
  2. ♨️ තවත් භාජනයක් ගෙන පාන්පිටි , කිරිපිටි සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න .
  3. ♨️ තෙල් මේස හැඳි 2 ක් එකතු කරන්න .
  4. ♨️ බිත්තරය හොඳින් ගසා බාගයක් පිටි මිශ්‍රණය ට එකතු කරන්න.
  5. ♨️ දැන් ක්‍රියාකාරී වූ යීස්ට් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරමින් මෝලිය අනන්න .
  6. ♨️ අනාගත් මෝලිය පිටි ඉසගත් මතුපිටක දමා විනාඩි 10 ක් පමණ ක්නීඩ් කරන්න .
  7. ♨️ දැන් මෝලිය වටේ තෙල් ආලේප කර තෙත කිචන් ටවල් එකකින් වසා පැයක් පිපෙන්න තබන්න .
  8. ♨️ පැයකට පසු මෝලිය දෙගුණයක් වෙලා තියෙනවා ඔයාලට පෙනේවි . දැන් අතින් තෙරපා වාතය ඉවත් කර විනාඩි 2,3 ක් නැවත ක්නීඩ් කරන්න .
  9. ♨️ කොටස් වලට වෙන්කර බෝල සාදා පසෙකින් තබන්න .
  10. ♨️ දැන් සාදා ගත් බෝල කැමති හැඩයකට තුනී කර සොසේජස් මැදට තබා සකසා ගන්න .
  11. ♨️ සකස් කරගත් බන් විනාඩි 10 ක්  නැවත වසා තබන්න .
  12. ♨️ විනාඩි 10 කට පසු ඉතිරි කරගත් බිත්තර සාරු වලට කිරි මේස හැන්දක් එකතු කර , මිශ්‍ර කර බන් එක මත ආලේප කරන්න .
  13. ♨️ ඒ මත තල ඇට ස්වල්පයක් ඉසින්න.
  14. ♨️ දැන් 180°c න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 20 ක්,25 ක් පමණ බේක් කර ගන්න .
  15. ♨️ අවන් එකෙන් ඉවතට ගත් පසු බටර් ආලේප කර තෙත කිචන් ටවල් එකකින්  වසා නිවෙන්න තබන්න .
  16. ♨️ නිවුණු පසු රස බලන්න පුළුවන් 😍

හෙළයේ රස මිහිර
සොසේජස් බන් හදමු (Sausage Bun) - Your Choice Way

සොසේජස් බන් හදමු (Sausage Bun) - Your Choice Way

සොසේජස් බන් හදමු (Sausage Bun) - Your Choice Way

සොසේජස් බන් හදමු (Sausage Bun) - Your Choice Way

සොසේජස් බන් හදමු (Sausage Bun) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment