Ranbande Ranmanike Song Lyrics - රන්බණ්ඩේ රන්මැණිකේ ගීතයේ පද පෙළ

Ranbande Ranmanike Song Lyrics - රන්බණ්ඩේ රන්මැණිකේ ගීතයේ පද පෙළ
Song Title : Ranbande Ranmanike (රන්බණ්ඩේ රන්මැණිකේ)
ගායනය : ගුණදාස කපුගේ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ගුණදාස කපුගේ


රන්බණ්ඩේ රන්මැණිකේ
පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත් සත්කෝරලයේ සමන් කැකුළු
රන්බණ්ඩේ රන්මැණිකේ

ගම්මානෙන් නුවරට එන මහ පාලම බිඳ දමන්න //
මං ආසයි හැමදාමත් මං හිටි මගෙ ගම දකින්න //
රන්බණ්ඩේ රන්මැණිකේ

ගොඩේ ඉඳන් හැන්දෑවට වාරං කීවා මතකයි //
ගමේ මතක මට තාමත් සමන් පිච්ච මල් සුවඳයි //

රන්බණ්ඩේ රන්මැණිකේ
පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත් සත්කෝරලයේ සමන් කැකුළු
රන්බණ්ඩේ රන්මැණිකේ
රන්බණ්ඩේ රන්මැණිකේ

රන්බණ්ඩේ ....
රන්මැණිකේ .....

රන්බණ්ඩේ ....
රන්මැණිකේ .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment