Pathiwatha Ma Raki Song Lyrics - පතිවත මා රැකී ගීතයේ පද පෙළ

Pathiwatha Ma Raki Song Lyrics - පතිවත මා රැකී ගීතයේ පද පෙළ
Song Title : Pathiwatha Ma Raki (පතිවත මා රැකී)
ගායනය : ස්වර්ණා අබේරත්න
පද : සිරිල් පී. අබේරත්න
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ සුභද්‍රා චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ Champakali හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Chhup Gaya Koi Re ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පතිවත මා රැකී දුෂ්කර සීලෙකී
දොස නැති අඟනා දෙවියෝද සුරකී

මා නැත දෙවිඳුනි හිමි හිත බිඳලා
රහසෙන්වත් නැත වරදක බැඳිලා //

පෑවෙ නොකිලිටි පිරිසිදු ආලෙකී
දොස නැති අඟනා දෙවියෝද සුරකී
පතිවත මා රැකී දුෂ්කර සීලෙකී
දොස නැති අඟනා දෙවියෝද සුරකී

නොම බැස යා නොදී බැඳී පෙම් වරදේ
පණ වැනි මාගෙ හිමි ගෙනත් දෙනු දෙවිඳේ //

තාපසයෙකු වුව ලියතඹරේ බැඳේ
දොස නැති අඟනා දෙවියෝද සුරකී

පතිවත මා රැකී දුෂ්කර සීලෙකී
දොස නැති අඟනා දෙවියෝද සුරකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment