බළල් ආත්මය ජිචිතයක් බේරයි (Horror Cat)

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_YPBXUCmOOu7CIs0tE2XE_UNmoKSQB1fe_K-5VCfELUjCKwWRIggKouHQQmvckdPpIuj8Jrg-yQD0tgthI1k3fx2xsU0ypeUgzC-56T3hqmEXP-phnNmu3esMcUuEFdnDiu9cM9Q1G7kf/w2400/

මට අවුරුදු 9-10 කාලෙ පූසෙක් හදන්න ලොකු ආසාවක් තිබ්බා, ඉතින් බළල් පැටියෙක් හොයද්දි නිවුන්නු කලුම කලු පූසයි පූසි හම්බ වෙලා හිටිය එහා ගෙදර බැළලිට. බලල් පැටිය හරිම දුර්වලයි කෙට්ටුයි මවිලුත් අඩුයි මැරෙයි කියල හැමෝම කීව, තනි කලු නිසා හොද නෑ කියල ත් ගොඩක් අය කීව, ඒත් අපේ ගෙදර මිනිස්සු ඕව ගනන් ගන්න අය නෙවේ, ලස්සන ගෑනු සතා තියලා කැත පිරිමි සතා මන් අරන් ආව. කෝම කෝම හරි ඌ හෙන ලස්සන බෝලෙ වගේ ගමේම චන්ඩි පූස උනා, හැමෝම ඌට ආදරේ කලා, ඒත් පූස මට විතරයි ආදරේ අනික් අයට ගොරෝනව. අවුරුදු 8 විතර පස්සෙ ඌ අතුරුදන් උනා, කොච්චර හෙවුවත් හම්බ උනේ නෑ. පූසො ගෙදර මැරෙන්නේ නෑ කියනවනේ, පස්සේ ආරංචි උනා ඒවගේ පූසෙක් මැරිල හිටිය කියල ගග ගාව, ඔයින් අවුරුද්දකට විතර පස්සෙ අපේ මිදුලේ අපි සෙල්ලම් කර කර හිටිය, බෝලෙ විසි උනා කොස් ගහ යටට, මන් දුවගෙන ගිහින් තනකොල අස්සෙ ගහ මුල බෝලෙ හොයන්න ගත්ත.

පූසෙක් කෑගහනව ඇහුන මට, මගේ පූසගෙ සද්දේ මට හොදට හුරුයි ඒ කෑගැහුවෙ ඌම තමා, මන් හැරිල බැලුව, කලුව හිටිය මන් දිහා බලාගෙන. ඒත් එක්කම ලොකු ඉදුනු කොස් ගෙඩියක් බෝලෙ තිබ්බ තැනට වැටුනා, මන් ඔලුව පාත් කරන් බෝලෙ හෙවුව නම් මගේ ඔලුව උඩ කොස් ගෙඩිය, ලොකු අනතුරක් වැලැක්කුවා මගේ මැරුනු පූස. මන් ආපහු බලද්දී ඌ හිටියේ නෑ. මාව බේරගන්නම තමයි ඌ ඇවිත් තියෙන්නේ. සතා උනත් ඌ මට ආදරෙන් මැරිල තියෙන්නේ. මන් අදටත් ඒ පූසට පින් අනුමෝදන් කරනවා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment