Nangiye Mokada Song Lyrics - නංගියේ මොකද ගීතයේ පද පෙළ

Nangiye Mokada Song Lyrics - නංගියේ මොකද ගීතයේ පද පෙළ
Song Title : Nangiye Mokada (නංගියේ මොකද)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : බණ්ඩාර ඇහැියගොඩ
තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නංගියේ
නංගියේ මොකද
ගොම්මනේ මිදුල මැද හිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ
කියන්ඩ බැරි සතුටින්
නංගියේ

මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි
උඹ වගේ මමත් සිනා වෙවී සතුටින් සිටියයි
දූ සිඟිත්තියක් හිමින් සැරේ දෝතට වැඩියයි
මල් සිනා නැඟූ ඇස් දෙක උණු කඳුළින් පිරුණයි

නංගියේ
නංගියේ මොකද
ගොම්මනේ මිදුල මැද
හිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ
කියන්ඩ බැරි සතුටින්
නංගියේ

මඟ තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වලසුන්
ළංවෙලා කතාකරයි කියා නැති නෑදෑකම්
මඟ හොඳට තිබේනම් දෑසත් හොඳට පෙනේනම්
උඹ පරිස්සමින් පය තියපන් බැදිවල නොගිහිං

නංගියේ
නංගියේ මොකද
ගොම්මනේ මිදුල මැද
හිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ
කියන්ඩ බැරි සතුටින්
නංගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment