Me Sandema Sewanalle Song Lyrics - මේ සඳේම සෙවණැල්ලේ ගීතයේ පද පෙළ

Me Sandema Sewanalle Song Lyrics - මේ සඳේම සෙවණැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Me Sandema Sewanalle (මේ සඳේම සෙවණැල්ලේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : කුලරත්න ආරියවංශ


මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ //

සීත හිමවතේ
හමන මාරුතේ //
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ

මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ

දෑස බොඳවෙලා
දෙසිත ගොළුවෙලා //
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ

මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment