Manahara Me Hela Bhumi Song Lyrics - මනහාර මේ හෙළ භූමී ගීතයේ පද පෙළ

Manahara Me Hela Bhumi Song Lyrics - මනහාර මේ හෙළ භූමී ගීතයේ පද පෙළ

Manahara Me Hela Bhumi Song Lyrics - මනහාර මේ හෙළ භූමී ගීතයේ පද පෙළ
Song Title : Manahara Me Hela Bhumi (මනහාර මේ හෙළ භූමී)
ගායනය : ලතා වල්පොල සමග කේ. රාණි
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
තනුව ?
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


ලංකා ලංකා රමණී ලංකා

මනහාර මේ හෙළ භූමී
සව්සාරයෙන් ඉතිරේවී //

මාගෙ නැණ වෙර බල ඇති දරුවෝ
මා සැපා සැදුවෝ //
සුර සිරින් උදම් ඇනුවෝ //
මනහාර මේ හෙළ භූමී
සව්සාරයෙන් ඉතිරේවී

භාරත මා සොහොයුරී රාණී //
පරම ලලිත මේ නැගණි ඔබේ //
මා දරුවන් ශ්‍රේෂ්ඨ වේ (ඒ...ඒ...) //
සොම්නස් සිනා මල් ගන්න ප්‍රියේ //
භාරත මා සොහොයුරී

නන්දන වන් මිතුරී සුපසන් //
රන් මුතු සුන්දරී මේ
මං අද තුම් ඉසුරෙන් බබලා
නන් දෙස ශ්‍රේෂ්ඨ වුණා
ගන්න දයා සොම්නස්
නන්දන වන් මිතුරී සුපසන්

කෝ එදා සිරී
දැන් දුකෙනී පිරී
ආ.. යයි මැකී සිරී
දැන් ගත නෑ දිරී

ආ..

කඳුළේ සුසුමේ මා ගිල්වලා
කම්මැලි දරුවෝ කළ දේ අනේ මේ //
කෝ එදා සිරී
දැන් දුකෙන් පිරී
ආ.. යයි මැකී සිරී

වැහැරී ගියා සිරුරා මගේ
සන්දා මා දරුවෝ

සව් දනන් ප්‍රසන්න හෙළ කැළුම් එපා වෙලා
අන් පහන් බලන්ට යන්නෙ මෝඩයින් වෙලා
හෙළ සිරිත් හැරා
පර සිරිත් දරා
ඇයි දුවේ පුතේ නටන්නෙ මාව පාගලා //

අවදිවවු
දිරි ගනිවු
පෙරට යවු
මා රකිවු

ඒ නැතොත්, ජීවෙ මා, දුබල වී,
හාමතේ යයි නැසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment